Posts

Showing posts from March, 2012

HTML වෙබ් සයිට් වල පින්තුර භාවිතා කරන හැටි

Image
Using Images in HTML කොහොමද කස්ටියට? Very Sorry, හුඟ කාලෙකින් සිංහල Tricks වලට ලියන්න බැරි වුණා. එක වැඩක්ද තියෙන්නේ... වෙබ් සයිට් එකේ විසිටර්ස්ලත් හොඳටම අඩුවෙලා වගේ... හ්ම්.... ටික දවසකින් හරියයි...  අද මම කියන්න යන්නේ HTML වෙබ් සයිට් වල පින්තුර භාවිතා කරන හැටි. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා... පින්තුර තෝරාගන්න කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා... ඔයාල Free වෙබ් සයිට් එකක් කලත්, Package එකක් ගත්තත්, ඔයාලට Space Limit එකක් තියෙනවා. සමහර විට 250MB වගේ පුංචි ඉඩක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාල File Host කරද්දී මතක තියාගන්න ඕන Size එක අඩු File භාවිතා කරන්න. ඉතින් ඔයාලත් 1MB ට වැඩ අඩු ප්‍රමාණයේ පින්තුර භාවිතා කලොත් වඩාත් හොඳයි. මීට අමතරව .BMP වර්ගයේ පින්තුර භාවිතයෙන් වළකින්න. මොකද, ඒ වර්ගයේ පින්තුර වල ප්‍රමාණය ඉතා වැඩි.