අපේම වෙබ් අඩවියක් නිර්මාණය කරමු







ආයුබෝවන් හැමෝටම... මම අද හිතුවා ඔයාලට ප්‍රයෝජනවත් කියල හිතෙන හුඟක් ප්‍රයෝජනවත් දෙයක් ගැන ලියන්න. ඔයාල හැමෝම කැමති නේද ඔයාලගේ නමින් Blog එකක්, Website එකක් පවත්වාගෙන යන්න. ඒ උනත් ඉතින් සල්ලි ප්‍රශ්නෙයි, කාලයයි හරස්වෙලා නේද...? මේ දෙකටම යම් මට්ටමක විසඳුමක් ලැබෙන දෙයක් මම දැන් ඔයාලට කියා දෙන්නම්.

මම මේ දෙන වෙබ්සයිට් එකෙන් පුළුවන්, ලේසියෙන්ම ඒ වගේම ඉක්මනින්ම වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න. මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ Google Account එකක් විතරයි. මම හිතනවා ඔයාල හැමෝටම වගේ Gmail ගිණුමක් ඇති කියල.

හරි... එහෙනම් ඉස්සෙල්ලම පහළ ලින්ක් එකට යන්න.
http://www.blogger.com

ඊට පස්සේ, මේ විදිහට ඔයාලගේ Gmail (Google) ගිණුමේ Email Address එකයි, Password එකයි දෙන්න. බය වෙන්න එපා, මේක Google සමාගමටම සම්භන්ධ එකක්.
දැන් "Log In" කියන ඒක Click කරන්න.




ඊට පස්සේ, මෙන්න මේ විදිහට "Create a limited Blogger Profile" කියන ඒක ක්ලික් කරන්න. මේකෙදි වැඩේ ලේසී.




දැන් මේ විදිහට ඔයාගේ නම දීල, "Continue to Blogger" කියන ඒක ක්ලික් කරන්න.




ඊට පස්සේ ඔය තියෙන විදිහට, වම් පැත්තේ කෙලවරේ තියෙන "New Blog" කියන ඒක ක්ලික් කරන්න.




ඊට පස්සේ ඔය පහල තියෙනවා වගේ Dialog එකක් එයි.




1. "Title" කියන තැනට ඔයාගේ වෙබ් අඩවියේ, බ්ලොග් එකේ නම දෙන්න.
උදාහරණ: My Blog,  Sinhala Tricks,  About Nuwan

2. ඒ වගේම "Address" කියන තැනට වෙබ් අඩවියේ ලිපිනය දෙන්න ඕන.
උදාහරණ: ඔයාගේ වෙබ් ලිපිනය "MyBlog" කියල දුන්නොත් ඔයාගේ ලිපිනය හැදෙන්නේ "www.MyBlog.blogspot.com" කියල.

3. ඊට පස්සේ, එකට හොඳයි කියල හිතෙන Style එකක් තෝරන්න.

4. හරි දැන් "Create Blog!" ක්ලික් කරන්න.




ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. මේක තමා Home Screen ඒක. ඒ කියන්නේ ඔයාල ඊළඟ පාර Log වුනාම මෙතනට තමා එන්නේ. Right...  ඔයාට පේනවා ඇති ඔයා හදාගත්තු බ්ලොග් ඒක මෙතනට ඇවිත් තියෙනවා. දැන් එකේ නම උඩ Click කරන්න.




දැන් ඔයාව Redirect වෙයි Dashboard එකට. මේක තමා දැන් ඔයාගේ කන්තෝරු කාමරේ...
ඔය වම් පැත්තේ තියෙන දේවල් වල තේරුම තමා මේ තියෙන්නේ.


හරි... ඔය ටික හොඳට මතක තියාගන්න. මොකද ඔය ටික හැමතිස්සෙම භාවිතයට ගැනෙනවා.
දැන් අපි අපේ වෙබ් අඩවියට Post එකක් එකතු කරමු. අලුත් ලිපියක් ලියන්න, "New Post" ක්ලික් කරන්න. ඔතන වැඩි දෙයක් නෑ. මාතෘකාවයි, විස්තරෙයි දීල, "Publish" ක්ලික් කරන්න තියෙන්නේ... ඊට පස්සේ උඩ තියෙන "View Blog" කියන ඒක ක්ලික් කරලා පුළුවන්, ඔයාගේ වෙබදවිය බලාගන්න.



ඔයාලට මේ ගැන මොනවහරි ප්‍රශ්නයක් මතු වුනොත්, ඔයාලට පුළුවන් පහළ Link එකට ගිහින් Facebook Group එකට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාලට පරිගණක භාවිතයේදී ඇතිවන ගැටලුත් ඉදිරිපත් කරන්න. ඔබට නිසැකවම පිළිතුරක් ලැබෙයි. අනෙ කරන්ට් ඒක කපනවා කියලනම් කියන්න එපා හොඳේ...

Cyber Help on Facebook
http://www.facebook.com/groups/cyberhelpsinhala

Very Sorry! මට සිද්ධ වුණා මගේ දුරකථන අංකය මාරු කරන්න. මොකද මට හුඟක් වෙලා වැය කරන්න වෙන තනි පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නිසා. ඒ වගේ ඒ දේම නැවත නැවතත් කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම මඩ ගහන අයත් ප්‍රසිද්ධියේම Group එකට මඩ පාරක ගහන්න. Website එකේ Visitorsලා එහෙම ටිකක් වැඩි වෙනකොට සමහර අයට හරි අමාරුයි... මම කැමති කොන්ද කෙලින් තියෙන මිනිසුන්ගේ මඩ පාරවල් බාරගන්න විතරයි. දුරකථන පණිවිඩවලින් කරන තර්ජන වලට මම කොහෙත්ම බය නෑ කියල අදාල පුද්ගලයන් දැනගන්න. මොකද මම මේ දේ කරන්න සමස්ත මහජනයා වෙනුවෙන්. වෙනයම් අරමුණක් නිසා නෙවෙයි. එහෙනම් ජයවේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය