Facebook Protection (Using Verification Code)






කොහොමද යාලුවනේ? මම හිතනවා කලින් වැඩේට වැඩ මේක හින්ගක් සාර්ථක ඒ වගේම ප්‍රයෝජනවත් එකක් කියලා. මේක පටන්ගත්ත දවසෙම Visitos ලා 63න් දෙනෙක් ඇවිත් තිබුණා.
ඔයාලා හැමෝම වගේ යාලුවනේ Facebook පාවිච්චි කරනවා නේද? ඉතින් ඔයාලගේ Account එක හදිස්සියේම කව්රුහරි Hack කලොත් එක ලොකු ගැටළුවක් වගේම කරදරයක් නේද?
ඉතින් මම දැන් කියන්න යන්නේ ඔයාලගේ Mobile Phone එක පාවිච්චි කරලා කරන්න පුළුවන් ආරක්‍ෂක ක්‍රමයක් ගැන.
මේකෙදි වෙන්නේ යාලුවනේ ඔයාලා Facebook Log වෙනකොට ඔයාලගේ Mobile Phone එකට SMS එකක් මගින් රහස් අංකයක් එවනවා. එක "Verification Code" කියල හඳුන්වනවා.
එතකොට වෙන කෙනෙක් ඔයාලගේ Password එක හොයාගත්තත් වැඩක් වෙන්නේ නෑ.


ඉස්සෙල්ලාම පහල ලින්ක් එකෙන් Facebook Mobile සයිට් එකට පිවිසෙන්න.
http//www.facebook.com/mobile

එතකොට ඔයාලට මේ වගේ වෙබ් සයිට් එකක් දැකගන්න පුළුවන්.

ඊට පස්සේ පහල පින්තුරයේ තියෙන විදිහට වම පැත්තේ පහලින් තියෙන "Edit Mobile Settings" කියන එක ක්ලික් කරන්න

ඊට පස්සේ එන පේජ් එකේ පහල පින්තුරයේ විදිහට "Add a Phone" කියන එක ක්ලික් කරන්න.
(මතක තියාගන්න ඔයාලා කලින් ඉඳන් "Facebook SMS Notifications" පාවිච්චි කරනවානම් මේ පියවර අවශ්‍ය නැහැ.

ඊට පස්සේ ඔයාලගේ Password එක ලබාදීලා "Confirm" කියන එක ක්ලික් කරන්න.


දැන් ඔයාලගේ ජීවත්වෙන රටේ නමයි, ඔයාලගේ SIM Card Company එකේ නමයි දීල "Add phone number here" කියන තැන ක්ලික් කරන්න. 


 එතකොට එන Dialog එකේ ඔයාලගේ Country Code එක ස්වයන්ක්‍රියව ලැබිල තියේවි.
ඔයාලට තියෙන්නේ ඔයාලගේ Phone Number එකේ බින්දුව වෙනුවට +94  යොදලා (ලංකාවෙනම්) ඔයාලගේ Phone Number එක ඇතුලත් කරන්න.
උදාහරණයක්‌ විදිහට ඔයාගේ Phone Number එක 077xxxxxxx නම් ඔයා ඇතුලත් කරන්න ඕනේ +9477xxxxxxx කියල.
පස්සේ "Continue" කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ ඔයාලගෙන් Code එකක් ඉල්ලයි. ඒක ඔයාලා ඇතුලත් කරපු Number එකට SMS විදිහට ලැබෙනවා.
ඊට පස්සේ මේ විදිහට Code එක ඇතුලත් කරලා Continue ක්ලික් කරන්න.



එක කලට පස්සේ ඔයාලා සාමාන්‍යය විදිහට www.facebook.com හරහා Facebook එකට Log වෙන්න.
ඊට පස්සේ ඔයාලගේ පේජ් එකේ දකුණු පැත්තේ ඉහලින්ම ඔයාලගේ පින්තුරය ළඟ තියෙනවා පහල ඊතල ලකුණක්.
(පහල පින්තුරේ තියෙන විදිහට)

එක ක්ලික් කරලා පහල තියෙන විදිහට Account Settings වලට යන්න.


ඊට පස්සේ මේ වගේ පේජ් එකක් දැකගන්න පුළුවන්.
ඉස්සෙල්ලම "Security" කියන ටැබ් එකට යන්න. (අංක 1)
ඊටපස්සේ "Login Approvels" කියන එකෙ "Edit" ක්ලික් කරන්න. එතකොට අංක 2 විදිහට දිස්වේවි.
ඊට පස්සේ අංක 3 තියෙන තැනට හරි ලකුණ යොදලා "Save Changes" ක්ලික් කරලා වැඩේ ඉවර කරගන්න.

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය