Free SMS (Using Internet)

ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් අරගෙන අවා.
මම අද කියන්න යන්නේ නොමිලේ SMS යවන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ වැඩේ හරිම ලේසි.





ඉස්සෙල්ලාම ඔයාලට අවශ්‍ය වෙනවා Google Account එකක්.
ඔයාලට http://www.gmail.com එකට ගිහින් අලුතින් ගිණුමක් නොමිලේම හදාගන්න පුළුවන්.

Google Account එකක් තියෙන අයට කරන්න තියෙන්නේ http://www.gmail.com කියන එකට යන්න.
එතකොට පහල තියෙනවා වගේ පේජ් එකක් දැකගන්න පුළුවන්. එකෙන් ඔයාලගේ ගිණුමට ඇතුළු වෙන්න.



Account එකට Log වුණාම මේ වගේ පේජ් එකක් ඔයාලට පෙනේවි.
මේකේ යාලුවනේ ඔයාලට පේනවා නේද වම පැත්තේ පහල කෙලවරේ Talk Buble Icon එකක්? (අංක 1)


එක ක්ලික් කරන්න.
එතකොට ඔයාට මේ වගේ දෙයක් දැකගන්න ලැබේවි.





ඊට පස්සේ පහල පින්තුරයේ රතු රව්මකින් දක්වලා තියෙන තැන ඔයාලට අවශ්‍ය Phone Number එක ඇතුලත් කරන්න.
මතක තියාගන්න : මේ සේවාව බොහෝ දුරට වැඩ කරන්නේ ජංගම දුරකථන වලට විතරයි.
තවත් දෙයක් යාලුවනේ ඔයාලා Phone Number එක ඇතුලත් කරද්දී මතක ඇතුව "0" (බින්දුව) වෙනුවට Country Code එක ඇතුලත් කරන්න ඕනේ.
(ශ්‍රී ලංකාවේ නම්, +94 ). උදාහරණයක්‌ විදිහට ඔයාගේ අංකය 077xxxxxxx නම්, ඔය ඇතුලත් කරන්න ඕනේ +9477xxxxxxx කියල.

ඊට පස්සේ පහල පින්තුරයේ විදිහට "Sent SMS" කියන එක ක්ලික් කරන්න.


දැන් ඔයාලට Contact Card එකක් Fill කරන්න එයි. පහල පින්තුරයේ ලකුණු කරලා තියෙන තැන ඔයාලගේ දුරකත අංකයට නමක් දෙන්න.
නමක් දීල "Save" ක්ලික් කරන්න.


එතකොට පහල පින්තුරයේ විදිහට දකුණු පැත්තේ පහල කෙලවරට අලුත් කොටසක් එකතු වෙයි.


දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහල පින්තුරයේ විදිහට අවශ්‍ය Message එක ටයිප් කරලා Enter කී එක Press කරන එක විතරයි.


එතකොට මේ විදිහට චැට් බොක්ස් එකේ පෙන්නයි.

මතක තියාගන්න: මේකෙදි ඔයාලට යවන්න පුළුවන් වෙන්නේ SMS 50ක් විතරයි. ඒ ගැන කරදර වෙන්න එපා. ඔය යවපු එකට හරි වෙන අංකෙකින් හරි Reply අවාම ඔයාට එන Message ගණන අයෙමත් Free ලැබෙනවා.


Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය