Speed-Up Windows 7 (Using Pen Drive)

කොහොමද යාලුවනේ? මට දවස දෙක තුනකින් ලියනත් බැරි වුණා. හරිම Busy.
අද මම කියන්න යන්නේ Windows 7 වේගවත් කරගන්න ක්‍රමයක්.
මේකට ඔයාලට ඕන වෙනවා Pen Drive (Flash Drive) එකක් හරි Memory Card + Reader හරි.
මේකෙදි වෙන්නේ යාලුවනේ ඔයාලගේ කම්පියුටර් එකේ සසම්බාවී මතකය (තාවකාලික මතකය) වර්දනය කරන එක.
කෙටියෙන් කියනවනම් ඔයාලගේ RAM එක Upgrade වෙන එක.
මෙන්න මෙහෙමයි කරන්නේ.





ඉස්සෙල්ලාම ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එක හරි කාර්ඩ් රීඩර් එක හරි කම්පියුටර් එකට ප්ලග් කරගන්න.


ඊට පස්සේ කරන්න තියෙන්නේ. පහල පින්තුරයේ විදිහට ඔයාලගේ Device එක Right ක්ලික් කරලා, "Properties" යන්න.



එහෙම කලාම එන "Properties Window" එකේ "Ready Boost" කියන ටැබ් එකට යන්න.



ඊට පස්සේ "Use this device" කියන Option එක Select කරන්න.




ඊට පස්සේ පහල පින්තුරයේ විදිහට, අවශ්‍ය ඉඩ ප්‍රමාණය සකස් කරගන්න.
මතක තියාගන්න: ඔයාලගේ Storage එකේ අඩුම 100MB වත් ඉතිරි කරගන්න.




එක කරලා ඉවර වෙලා "Apply", "OK" ක්ලික් කරන්න. එතකොට ඔයාලට දැනෙයි ඔයාලගේ කම්පියුටර් එක වෙනදට වැඩ වේගවත් කියලා.

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය