Google Drive - Free 5GB - Part I







අද මම ඔයාලට කියන්න යන්නේ, 5GB නොමිලේ ඉඩක් වෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ සේවාව සපයන්නේ, Google සමාගමෙන්.


මේකෙන් තියෙන වාසිය තමා, අපිට අපේ පරිගණකයේ තියෙන වැදගත් දේවල් මේ හරහා ආරක්ෂිතව තියන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් යාළුවන් අතරේ බෙදාහරින්නත් පුළුවන්. ඉතින් ගොඩනේ නේ? ඒ වගේම තම මේකේ අපි Office Package වලින් කරන සමහර දේවලුත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ, Word, PowerPoint වගේ දේවල් වලින් කරන ඒවා...





ඔයාලට මේකට ඕන වෙන්නේ, ගූගල් ගිණුමක් විතරයි. එකක් දැනටමත් ඇතිනේ! නැත්තම් පහල Link එකෙන් නොමිලේම හදාගන්න...
               Create Google Account Free


Google Account එක ලෑස්ති නම්, මෙන්න මේ ලින්ක් එකට යන්න.
               http://www.drive.google.com


ඊට පස්සේ ඔයාලගේ ගූගල් ගිණුමේ නමයි, රහස් වචනයයි දීල ඇතුල් වෙන්න.

මෙන්න මේ විදිහට...












































ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ Site එකක් දැක ගන්න පුළුවන්... මේ පින්තුරයේ තියෙන්නේ, එකේ විස්තර ටික...,
පැහැදිලි මදි නම්, පින්තුරය උඩ Click කරලා, Zoom කරගන්න...


1. මෙතනින් පුළුවන් Document එකක් හදා ගන්න. ඒ වගේම ෆයිල් එකක් Upload කරන්න (මේ ගැන ඊළඟ ලිපියෙන්...)
2. මෙතැනින් පුළුවන් Folder හදා ගන්න.
3. මෙතනින් පුළුවන්, ෆයිල් වල සහ ෆෝල්ඩර වල අනුපිළිවෙල සකසන්න.
4. මෙතනින් පුළුවන්, ෆයිල් වල පෙනුම සකසන්න.
5. මෙතන ඔයාලගේ Online Disk එකේ, ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් පෙන්නන්නවා... හරියට ඔයාලගේ ෆෝන් එකේ File Manager වගේ...


මීළඟ ලිපියෙන් මම මේකේ Office Tools ගැන කියලා දෙනවා... මම කලින් කිව්වේ අර Word, PowerPoint වගේ දේවල් මේකෙම තියෙනවා කියලා... ඒ ව‍ගේම, මේක කම්පියුටරේ ෆෝල්ඩර එකෙක්ට සම්බන්ධ කරලා ස්වයන්ක්‍රියව ෆයිල් හුවමාරු කරන හැටි කියල දෙනවා...



Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය