Rainmeter - Desktop එකට User Image එකක් දාගමු






ආයුබෝවන්! ඔයාලට මතක ඇතිනේ මම Desktop ඒක ලස්සන කරගන්න පොඩි Software එකක් දුන්නා. ඒක අතපසු වුණානම්,  මෙතනින් කියවන්නමගේ යාලුවෙකුගේ ඉල්ලීමකට අනුව මම හිතුවා අපිට අවශ්‍ය විදිහේ Skin හදාගන්න විදිහ ඔයාලට කියල දෙන්න. ඔකේ File Edit කරන්න ගිහින් අනාගන්න එහෙම එපා. මොකද ඕක Programme කරලා තියෙන්නේ Sotware Developers ලා. ඒ නිසා ඒ වැඩේ ටිකක් අමාරුයි. මේක හරියට අවබෝධ කරගත්තොත් ඒ වැඩේ අමාරු නෑ. එත් ටිකක් අමාරුයි ඉතින්. මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සමහරවිට ඔයාල HTML Programming ගැන එහෙම දන්නවත් ඇතිනේ. මම එකේ මුල් ලිපි ටික නම් දැම්මා. එත් Programming පැත්ත ගැන බොහෝ දෙනා උනන්දුවක් නොදක්වන නිසා මම ඒ ගැන ලියන ඒක නතර කළා.

වැඩි කතා ඕන නෑ එහෙනම්... අපි වැඩේ පටන්ගමු.

ඉස්සෙල්ලාම Rainmeter මෘදුකාංගයේ Skin තියෙන ස්ථානය හොයාගන්න ඕන නෑ.
ඔයාල ඒක වෙනස් නොකලානම්, ඒක තියෙන්නේ ඔයාගේ Document Folder එකේ.
ඒ කියන්නේ මෙන්න මේ විදිහට යන්න. 
Documents > Rainmeter > Skins

එතනට ගිහින් ඉස්සෙල්ලම ඔයාලගේ නමින් Folder එකක් හදාගන්න.
උදාහරණ: Sinhala Tricks, Nuwan, MyName



දැන් අපි ඒක ඇතුලේ තව Folder එකක් හදාගමු "UserPicture" කියල. හැබැයි නම මේ විදිහටම හිස්තැන් නැතුව Type කරන්න. එහෙම කියන්නේ හේතුවක් ඇතිව.
මෙන්න මේකේ තමා Skin එකට අදාල සියළුම දේවල් ඇතුලත් කරන්නේ.

දැන් ඔයාගේ 1:1 අනුපාතයට කපාගත්තා Photo එකක් මෙතනට Copy කරගන්න. Size ඒක 180x180 නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඒක "picture" කියල Rename කරගන්න.

හරි දැන් Notepad ඒක Open කරගන්න.
හොයාගන්න අමාරුනම්, Start > Run ගිහින්, "notepad.exe" කියල Type කරලා Enter Key ඒක Press කරන්න.

ඊට පස්සේ මෙන්න මේ Code ටික Copy කරගෙන, Paste කරගන්න. මෙතන තියෙනවා "picture.jpg" කියල එකක්. ඔයා යොදාගත්තා පින්තුරය JPG නෙවෙයි නම්, 
අදාල Type ඒක සහිතව නිවැරදිව සටහන් කරන්න. 
උදාහරණ: picture.png, picture.bmp

[Rainmeter]
Author=Nuwan Umesh, NuwanTech Inc.

[Metadata]
Name=UserPicture
Description=Technical Support by NuwanTech Inc. via Sinhala Tricks
Version=1.0
License=Free

[Variables]
Width=134
Height=195

[DisplayBorder]
Meter=IMAGE
SolidColor=-
X=4
Y=4
W=(#width# - 6)
H=(#width# - 6)
UpdateDivider=36000

[DisplayUserPicture]
Meter=IMAGE
ImageName=picture.jpg
X=5
Y=1r
W=(#Width# - 8)
H=(#Width# - 8)


රි දැන් ඕක Save කරගන්න ඕන. 
File > Save ගිහින් ඔයා හදාගත්ත "UserPicture" කියන Folder ඒකට යන්න. 

ඊට පස්සේ පහල පින්තුරයේ විදිහට " UserPicture.ini " කියල Save කරගන්න.
දැන් එතන මෙන්න මේ වගේ File දෙකක් තියෙන්න ඕන.




ඊට පස්සේ මේ විදිහට, Rainmeter Tray Icon ඒක උඩ Right Click කරලා, "Refresh All" දෙන්න.



ඊට පස්සේ මෙන්න මේ විදිහට අයෙමත් Rainmeter Tray Icon ඒක උඩ Right Click කරලා,
Skins > ඔයාගේ Folder එකේ නම > UserPicture > UserPicture.inf යන්න.



දැන් කොහොමද...? වැඩේ හරි නේද? මම මේකේ Skin හදන්න පුළුවන් මෘදුකාංගයක් ඉක්මනින්ම දෙනවා. එහෙනම්, ජයවේවා! ප්‍රශ්නයක් වුනොත් Comment එකක් දාන්නකෝ...


Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය