බූදලය පිටපත් කිරීම




Website ඉති පිටින්ම Download කරමුද...?


ඔන්න අද මට ලිපි දෙකක්ම ලියන්න වුණා. මේක ටිකක් වැදගත් කියල හිතුණා. එකයි කඩිමුඩියේ දන්නා හිතුවේ.මොකද කියන්නේ Website ගෙඩි පිටින් බාමුද? ආ...? බෑ කියයි. 



එහෙනම් මෙන්න භාණ්ඩේ... 
ඉස්සෙල්ලාම මෙතනින් Software එක බාගන්න. Size එක 4 MB ට අඩුයි.


හරි දැන් ඕක Install කරලා, Net එක එහෙම Connect කරගෙන, Software එක Open කරගන්න. ඊට පස්සේ "Next" Click කරන්න.


දැන් මෙන්න මේ වගේ එකක් ලැබෙයි... අංක එක [1] තියන තැනට මොකක් හරි නමක් දෙන්න. අංක දෙක [2] තියෙන තැනට Download කරන්න අවශ්‍ය ස්ථානය දෙන්න. 
ඊට පස්සේ "Next" Click කරන්න.





දැන් මෙන්න මේ විදිහට, ඔයාලට බාගන්න ඕන Website එකේ Address එක දෙන්න. ඊට පස්සේ "Next" Click කරන්න.





හරි දැන් ලැබෙන එකට "Do not connect to a provider (already connected)" කියන එක දීල, "Finish" කරන්න. 




දැන් ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ... කොහොමද ඉති පිටින් බානවා නේ...? 

ඔයාලට මොකුත් හිතෙන්නේ එහෙම නැද්ද........?

මේ පහල තියෙන පින්තුරය පොඩ්ඩක් බලන්න...





ඔය ඉන්නේ මගේ සුරතල්ලු ටික. ඒ නිසා කිසිම කෙනෙක්, 
Internet බිල උස්සගෙන අපේ ගෙවල් පැත්තේ එහෙම එනවා නෙවෙයි... :D

එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය