ඔයාලගේ Blog එකටත් ආ ගිය අය පෙන්නවන State Gadget එකක් දාගමු

 





ආයුබෝවන්! අද මම කියන්න යන්නේ, ඔයාලගේ Blog එකට ආපු Visitors ලා ගණන පෙන්වන Gadget එකක් දාගන්න හැටි ගැන.

ඉස්සෙල්ලාම ඔයාලගේ Blogger Account එකට Log වෙන්න.

ඊට පස්සේ ඔයාලට මම අර කියපු Home Screen එකේ වම් පැත්තේ තියෙන "Layout" Tab එකට යන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ දැකගන්න පුළුවන්.




ඊට පස්සේ මේ පින්තුරයේ විදිහට දකුණු පැත්තට වෙන්න තියෙන "Add Gadget" කියන ඒක Click කරන්න.



හරි දැන් මේවගේ තව Page එකක් Open වෙයි. එකේ තියෙනවා "Blog's Stats" කියල එකක්. අන්න ඒක ඉස්සරහ තියෙන [+] ලකුණ Click කරන්න.



ඊට පස්සේ මෙන්න පහල තියෙනවා වගේ පිටුවක් Open වෙයි.


  • Title කියන තැනට ඔයාලගේ Visitors ලා පෙන්නන කොටසට නමක් දෙන්න.
  • Time period කියන තැනට Visitors ලා ගණන කල යුතු කාල පරාසය දෙන්න.
  • ඔයාලට අවශ්‍ය Style ඒක Select කරලා "Save" Click කරන්න.




ඊට පස්සේ ඔයාට ආයෙමත් කලින් පිටුව (Layout) දැකගන්න පුළුවන්.
අන්න එතන දකුණු පැත්තේ, ඔයා දුන්නු නමින් Label එකක් හැදිලා ඇති.
අන්න ඒක මෙන්න මේ විදිහට ඉහල, පහල Drag කරලා අවශ්‍ය විදිහට ස්ථානගත කරගන්න.


හරි, දැන් උඩ තියෙන "Save arrangement" කියන ඒක Click කරන්න.
දැන් ඔයාලගේ Website ඒකට ගිහින් බලන්න. කොහොමද?  හොඳයි නේද? එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය