Photoshop වලින් මුහුණු පොතට Neon Text




Photoshop පාඩම් අංක 2
Neon Text එකක් දාපු Facebook Cover Picture එකක් නිර්මාණය කරන හැටි.




ආයුබෝවන්!

ඔයාට මතක ඇතිනේ මම ගිය සැරේ Facebook Hacking ගැන ලිපියක් ලිව්වා. සමහරු මගෙත් එක්ක තරහත් වෙලා ඇති Hack කරන හැටි නොකිව්වට. එක ඉතින් මෙහෙමයි කියල කියල දෙන්න බෑ. ඒ අවස්ථාවට උචිතව මොලේ පාවිච්චි කරලා වැඩේ දෙන්න ඕන.
අද මම හිතුවා Photoshop සහ Facebook දෙකම සම්භන්ධ කරලා ලිපියක් ලියන්න. ඔයාල හැමෝම කැමතියිනේ Facebook Profile එක ලස්සනට තියාගන්න. දැන් මම කියන්න යන්නේ Photoshop භාවිතා කරලා ලස්සන Neon Effect එකක් දාපු Cover Photto එකක් හදාගන්න හැටි ගැන. මේක ඔයාල හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ... 
ඉස්සෙල්ලාම පහල ලින්ක් එකෙන් අවශ්‍ය Font එකයි, Background එකයි බාගන්න.

ඔයාලගේ පහසුවට මම එක Extreme විදිහටම හැකුළුවා ඔන්න. 
මෙතනින් බාගන්න - කිලෝබයිට් 615.

ඊට පස්සේ එක කොහෙට හරි Extract කරගෙන එකේ තියෙන Font එක Install කරගන්න.

හරි දැන් Photoshop open කරගෙන මෙන්න මේ විදිහට "Sources" Folder එක ඇතුලේ තියෙන "Background" කියන පින්තුරය Open කරගන්න. ඕක සකස්කරලා තියෙන්නේ Facebook Cover Photo එකේ ගානට.



හරි දැන් දකුණු පැත්තේ පහලින් තියෙන "Layers" එකේ තියෙනවා පහල තියෙනවා වගේ Icon එකක්. අන්න එක Click කරලා අලුතින් Layer එකක් හදාගන්න. Layers කියන එක එක පෙන්වන්නේ නැත්නම්, Window > Layers ගිහින් හදාගන්න නැත්නම් F7 Press කරලත් පුළුවන්.




දැන් එතකොට Layers වල මෙන්න මේ වගේ දෙකක් තියෙන්න ඕන.



ඊට පස්සේ අර අලුතෙන් හදාගත්තු Layer එක Click කරලා,
පහල තියෙන විදිහට "Paint Bucket" Tool එක Select කරගන්න.



ඊට පස්සේ මෙන්න මේ විදිහට සම්පුර්ණ Document එක ම කළු පාටින් Fill කරගන්න.




දැන් මෙන්න මේ විදිහට Eraser Tool එක Select කරගන්න.



ඊට පස්සේ මෙන්න මේ විදිහට Brush එකේ Properties හදාගන්න.



දැන් මේ පහල පිතුර වල තියෙන විදිහට මැද කොටස සියුම් ලෙස Erase කරගන්න. මෙහෙම කරන එකේ අරමුණ, වටේට අඳුරු Border එකක් එකතු කිරීම.





හරි දැන් එක පියවරක් ඉවරයි. දැන් මේකට වර්ණ ඔප ගන්වමු.
දැන් අර ඉස්සෙල්ල කළා වගේ අලුතින් Layer එකක් හදාගන්න. ඊට පස්සේ අලුතින් හදපු Layer එක Select කරගන්න. මේ Layer එක තියෙන්න ඕන කලින් හදපු Layer දෙකටම උඩින්. ඒ කියන්නේ මේ වෙනකොට List එකේ පලවෙනි තැන. එහෙම නැත්තම් Drag කරලා හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට Mode එක Color කියල දෙන්න.




හරි දැන් මෙන්න මේ විදිහට Gradient Tool එක Select කරගන්න.




ඊට පස්සේ පහල තියෙන විදිහේ Rainbow Style එක Select කරගන්න.




දැන් මේ පහල පින්තුරේ විදිහට Gradient Line එක ඇඳගන්න




මේ වෙනකම් වැඩේ හරියට කළා නම් දැන් මෙන්න මේ විදිහට තියෙන්න ඕන...




දැන් මෙන්න මේ විදිහට,
Image > Adjustments > Hue/Saturation යන්න.



එතකොට මෙන්න මේ වගේ Dialog එකක් එනවා.
එකෙන් Hue කියන එක Adjust කරලා ඔයාට සිතැඟි විදිහට වර්ණ රටාව වෙනස් කරගෙන "OK" කරන්න.




හරි දැන් ඔන්න Background එකේ වැඩ ඉවරයි. දැන් අපි මේකට Neon Text එකක් එකතු කරගමු. මෙන්න මේ විදහටText Tool එක භාවිතා කරලා, Text Box එකක් ඇඳගන්න.



දැන් පහල තියෙන විදිහට අකුරු වල Properties වෙනස් කරගන්න.

  • Font: Neuropol
  • Size: 120 pt
  • Align: Center
  • Color: White





දැන් ඔයාගේ නම හෝ අවශ්‍ය Text එක ඇතුලත් කරන්න.
ඊට පස්සේ Layer Panel එක ඔයාලගේ Text එක Right Click කරලා, පහල තියෙන විදිහට Layer එක Resterize Type එකට හදාගන්න.




ඊට පස්සේ,
Select > Modify > Contract යන්න එතකොට පහල වගේ Dialog එකක් ලැබෙයි. එකේ "Contract by:" කියන තැනට "3 pixels" කියල දීල "OK" Click කරන්න.



දැන් [ Ctrl + Shift + I ] Press කරලා, Delete Key එක Press කරන්න. ඊට පස්සේ Ctrl + D ඔබලා Deselect කරගන්න. 

හරි, දැන් පහල තියෙන විදිහට Text Layer එක Select කරලා, පහල තියෙන, [fx] Icon එකෙන්, "Outer Glow..." දෙන්න.




ඊට පස්සේ එන Dialog එකේ අගයන් පහත විදිහට වෙනස් කරලා, "OK" කරන්න.



ඔහොම ඉන්න තාම වැඩ ඉවර නෑ. දැන් ඔයාගේ Text එක තියෙන Layer එක, අර Rainbow Gradient එක දාපු Layer එකට පස්සේ එන විදහට ස්ථාන මාරු කරන්න. ඒ කියන්නේ Text Layer එක Color Blend කරපු Layer එකට පහලින් Locate කරන්න.

ඔයාල වැඩේ හරියට කලානම් මෙන්න මේ විදිහට ඇවිත් තියේවි.




හරි එහෙනම් මම අදට නවතිනවා. තවත් අලුත් දෙයක් අරගෙන මම ඉකමනටම එනවා. එහෙනම් ජයවේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය