Talking TomCat - Java 99% Working



  • Talking TomCat හොයලම ඇති වෙලාද?
  • ඔබත් Fake Application වලට රැවටුනාද?
  • මෙන්න එහෙනම් මගේ ගානේ Java Version එක



ආයුබෝවන්!

මේක තමා මේ මාසේ 25 වෙනකම් දාන අන්තිම පොස්ට් එක. ඔන්න ඉතින් තවත් අලුත් දෙයක් අරගෙන මම අයෙමත් ආවා.

මේ දවස්වල ජනප්‍රියම Mobile Application එක තමා Talking TomCat කියන්නේ. මේක ඉස්සෙල්ලාම අවේ ANDROID දුරකථන සඳහා. ඊට පස්සේ ඇතැම් චීන මාදිලියේ දුරකථන වලත් මේක ඇතුලත් වෙලා ආවා.
ඒත් අද හුඟක් දුරට භාවිතා කරන්නේ (China mobile හැර) Nokia S40 O/S එක ක්‍රියාත්මක වෙන, ඒ වගේම Sony Ericcsson Java O/S එක ක්‍රියාත්මක වෙන දුරකථන. උදාහරණ වශයෙන් Nokia 2700, Sony Ericsson j105 වගේ දුරකථන. මේකට හේතුව තමා මේ දුරකථන භාවිතයට පහසු වගේම, මිලෙනුත් ටිකක් අඩුයි. කොහොම වුනත් ANDROID නම් මිලෙන් අඩුයි කියල කියන්න බෑ. ඉතින් Talking TomCat Suppot කරන්නේ ANDROID දුරකථන සඳහා පමණයි.

ඔයාලත් මේ App එක හොයන්න හුඟක් මහන්සි වෙන්න ඇති. GetJar, Mobile9 වගේ වෙබ් අඩවි වල ඕන තරම් මේ App එක තියෙනවා. එත් ඉතින් Download කරගෙන ඕපන් කරපු ගමන් අපිව වෙනත් වෙබ් අඩවියක් වෙතට යොමු කරන්නවා. එතකොට ඉතින් වෙබ් සයිට් එක අයිතිකාරයාගේ පව්ලේ අයවත් මතක් වෙනවා නේද...? ඉතින් සමහරුන්ට Fake Apps අරන් අරන්ම එපා වෙලා ඇති නේද. එත් මේක නම්, 99% ක් වැඩ කියල මම වගකීමෙන් යුතුව කියනවා. මොකද මේක අරගෙන මම ටිකක් හද වැඩ දාල සංස්කරණය කරලා එහෙම Sony Ericcsson, Nokia දුරකථනවල ධාවනය කරලා බැලුවා. සුපිරියටම වැඩ. මේක S40 විතරක් නෙවෙයි Nokia S60 Symbian දුරකථන වලත් වැඩ.

හා හා දැන් කියෙව්වා ඇති. කොහෙද ඉතින් කලබලෙනේ...
මේ තියෙන්නේ එක එක Button එකට අදාළ Actions
(Click to zoom image)


ZIP එකක් විදිහට මෙතනින් බාගන්න. (924kb)
(Action Key ගැන විස්තරෙත් එක්ක)

මේක Download කරගෙන , Exctract කරලා,
"talkingtom_by_sinhalatrick_nuwantech.jar" කියන Application එක,
Bluetooth හරහා හෝ Memory Card එක හරහා හෝ ජංගම දුරකතනයේ ස්ථාපනය කරගන්න. ඔය ෆයිල් එකත් එක්ක වැඩි සෙල්ලම් දාන්න යන්න එපා හොඳේ. ඕක එහෙ මෙහෙ වුනොත් Application එක Unsupportable කියයි.

එහනම්, ජය වේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය