ඔයාගේ ෆේස්බුක් ගිනුම බ්ලොක් වෙලාද? VPN යූස් කලාද?


මෙකට හේතුව තමා Security Verification Fail වීම. සාමන්‍යයෙන් ෆේස්බූක් ප්‍රයිවසි පොලිසි බැලුවොත් තෙරෙයි ඔයාලගේ IP Adress, Login Location, ISP Information වගේ දේවල් ෆේස්බූක් එක කලෙක්ට් කරනවා.

ඔයාලා ෆෙස්බූක් එකට ලොග් වෙන අවස්තාවේ ඒ තොරතුරුයි කලින් තොරතුරුයි වෙනස් වුණොත් Account එක බ්ලොක් වෙනවා.

මෙහෙමයි... ඔයාලා VPN භාවිතා කරද්දී වෙන්නේ සරලව IP Address එක වෙනස් කරලා වෙනත් රටක් විඩිහට පෙන්නන එක. එතකොට ෆේස්බූක් එකට ඩිටෙක්ට් වෙනවා තොරතුරුවල නොගැලපීමක්. ඒ නිසා අනන්‍යතාවය සහතික වෙනකම් ඒ Account එක බ්ලොක් වෙනවා.

කොහොමද Account එක නැවත ලබාගන්නේ?

01 - ඔයාලට කරන්න තියෙන්නේ කලින් ලොග් වුණ ඩිවස් එකකින් ෆේස්බූක් එකට පිවිසෙන එක. හැබැයි ඒ Device එකෙන් ලොග් අවුට් වෙලා තියෙන්න බෑ.

02 - එහෙම නැතිනම් ඔයාලට පුලුවන් ඇඩ් කරලා තියෙන ෆෝන් නම්බර් එකකට Verification Code එකක් ගෙන්න ගන්න.

03 - එහෙමත් නැතිනම් ඔයාලට පුළුවන් කලින් තොරන ලද යාලුවෝ 3න් දෙනෙක් ඉන්නවනම් ඒ අයට ලැබෙන කෝඩ් තුන ඇතුල් කරලා අන්බ්ලොක් කරගන්න.

04 - ඔයාලට පුලුවන් ඔයාලගේ ෆොටෝ එකක්, Passport කොපි එකක් යවලා Verification Request එකක් දාන්න.

මේ වගෙන් එකක්වත් කරන්න බැරිනම් බෙල්ලටම හිරවෙලා. අළුත් එකක් හදාගන්නම වෙනවා. ඊට කලින් Facebook Help Center එකේ තියෙන හැක් වුණාම Recovery කරන මෙතර්ඩ් බලන්න. සමහරවිට ගොඩ දාගන්න පුළුවන් වෙයි.

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය