VPN භාවිතා කරන්නේ පරිස්සමෙන්




ලංකාවේ පැනවූ සොශල් මීඩියා තහනමත් එක්ක හුඟාක් අය VPN භාවිතයට පෙළඹුණා. ඒ අතරින් ගොඩාක් දුරට භාවිතා වුණේ ෆ්‍රී VPN සේවර්ස්.

ෆ්‍රී VPN වල තියෙන ගැටළුව තමා ස්පීඩ් එකක් ගොඩක් අඩුකම. ඉතින් ස්පේඩ් සෙවර් එකකින් ඇක්සස් කරනවානම් ඒකට ගෙවන්න වෙනවා. මේ නිසා සමහර අය බ්ලැක් මාකට් වලින් ප්‍රීමියම් සේවිස් හොරාට ගත්තා. මේ ඇප් වල කිසිම ආරක්ශාවක් නෑ. ඒ හේතුවෙන් සමහර අයට ෆේස්බූක් ගිනුම් අහිමිවෙලත් තියෙනවා.

මේ වගේ අවස්ථාවක වෙන්නේ ඔයාලට යන අවශ්‍ය වෙබ් අඩවිය වෙනුවට ෆේක් සයිට් එකකට ෆෝවඩ් කරලා ඔයාලගෙ ගිනුම් තොරතුරු හොරාගන්න එක.

උදාහරණ: ඔයාලා facebook.com කියලා බ්‍රව්සර් එකේ ටයිප් කලාම phishing site එකකට යොමු කරනවා. ඊට පස්සේ ඔයාලා ඉන්පුට් කරනා ඊමේක් ඇඩ්‍රස් පාස්වර්ඩ් එයාලා සේව් කරගන්නවා. දන් එයාලට ඔන දේ කරගෙන ඉවරයි. අතිමට ලොගින් එරර් මැසේජ් එකක් එක්ක ඔයාලව ඔරිජිනල් වෙබ් එකට යොමු කරනවා.

කොහොම වුණත් ඔයාලා 2Step Verification වගේ පාවිච්චි කරනවනම් ගැටළුවක් නෑ. ඒ ගැන දන්නේ නැත්තම් මේ පරන ලිපිය කියවන්න.

Link: https://sinhalatricks.blogspot.com/2012/12/facebook-updated-article.html

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය