කොරෝනා ගැන දැනගෙන ඉන්න
COVID-19 නොහොත් කොරෝනා වෛරසය අයිති වෙන්නේ සතුන් තුල ඇතිවන වයිරස වර්ගයකට. සරලවම කියනවනම් මේ වයිරසය ඇති වුනේ සතෙකෙකුගෙන්. ඊට පස්සේ මේ වෛරසය මිනිසුන්ට බෝ වෙනවා. දැන් මේ වයිරසය මනුස්සයෙකුට ආසාදනය වෙලා ඉවරයි. ඊට පස්සේ මේ වයිරසය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්න පටන් ගන්නවා.
කොරෝනා කියන්නේ අළුත් දෙයක් නෙවෙයි. මේ වයිරස් එක 2002 සිටම තිබුණා. මේ වයිරස් එක 2003 වෙනකම් ඉතාමත් දරුණු ලෙස පැතිරුණා. මිනිස්සු 8000කට විතර මේක ආසාදනය වුණා. ජීවිත 800ක් පමණ බිලිගත්තා.
මේ වගේම තවත් වයිරසයක් 2012 දී මැදපෙරදිගින් වාර්තා වුණා. මේක වරින් වර මතුවෙලා 2500කට පමණ ආසාදනය වුණා. 900කට වැඩි පිරිසක් මියගියා.
හැබැයි මේ වයිරස් දෙකටම වඩා COVD-19 භයානකයි. මොකද මේ වයිරස් එක ආසාදනය වෙලා කාලයක් යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ.
රෝග ලක්ෂණ
කැස්ස
මහන්සිය
උගුරේ වේදනාව
උණ
හුස්මගැනීමේ අපහසුතා
වයිරසය පැතිරීම
මේ වයිරසය ජම්ප් කරන්නේ එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට බෝ කරන්න එලියට පැනගන්නේ ප්‍රධාන වශයෙන් කැස්ස හා කිවිසුම් මගින්. හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. මේ වයිරසයට පුලුවන් ශරීරයකින් (අවශ්‍යය සංඝටක) නැතුව එලියට වෙලා සෑහෙන කාලයක් බලාගෙන ඉන්න. ඊට පස්සේ මේ වයිරසය තවත් කෙනෙකුගෙ ඇඟට ස්පර්ශයෙන් පැනගන්නව. කොයි මොහොතක හරි මේ වයිරසය ශ්වසනය වුණොතින් ඒ කෙනා ආසාදනය වෙනවා.
COVD-19 ආවේ කොහෙන්ද?
ඇත්තටම මේක පැතිරුණේ චීනයේ, වූහාන් වල සත්ව වෙලඳ පොලකින් (Wet Market). මේ මාකට් එකේ අජීවී (මස් පිණිස) වගේම සජීවී කුරුල්ලන් මාළු වගේ දේවල් තමා තියෙන්නෙ. මේක සත්ව විශේෂයකින් තවත් විශෙෂයකය බෝ වෙන නිසා තාමත් හරියට මොන සත්වයාගෙන් ඇති වුණාද කියන එක රහසක්.
කොරෝනා වලට බෙහෙත?
මේ වයිරසය වෙනුවෙන් තාමත් හරියටම බෙහෙතක් හොයාගන්න කවුරුවත් සමත් වෙලා නෑ. දැනට Hydroxy Chloroquine වගේ බෙහෙත් භාවිතා කරනවා ප්‍රෝටීන වලට පහර දෙන්න (ලොකු කතාවක්). නමුත් තාමත් හරියටම ප්රතිවයිරසක් සොයාගෙන නෑ...