ඔයාගේ අත්‍යවශ්‍ය Files Delete වුනාද? මාර වැඩේනේ! දැන් මොකෝ කරන්නේ? Ctrl + Z ගහනවද? මළා... !@#$%^&* Hikzz... :D Ctrl+Z ගහල File Recovery කරන්න පුලුවන්නම් කොච්චර හොඳද...? හැබැයි ඉතින් මටනම් තියෙන කලබලේට ඔය Key ටික Press වෙලත් තියෙනවා. කාටවත් කියන්න එපා හොඳේ... ;) මම අද කියන්න යන්නේ ඔයාලගේ Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් ගැන. මේකෙන් බොහෝ දුරට Format වෙච්ච Drives වල Files Recovery කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මෘදුකාංගයේ Free Version එකක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා Crack හොයන්නවත්, දවස 30න් Trial Period ඉවර වුනාම උඩ බලාගෙන ඉන්නවත් ඕන නෑ ඔන්න... මුලින්ම පහළ Link එකෙන් මෘදුකාංගය බාගෙන Install කරගන්න. 3MB විතර තියෙන්නේ. ඒ නිසා Data අවුලකුත් නැ... Download ඊට පස්සේ, Desktop එකට ඇවිත් තියෙන "Recuva" Icon එකෙන් මෘදුකාංගය Open කරගන්න. ඔයාලගේ තියෙන්නේ Windows 7 නම්, මෙන්න මේ වගේ Message එකක් එයි... ඒක "Yes" කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ Welcome Dialog එක...