කොරෝනා ගැන දැනගෙන ඉන්න
COVID-19 නොහොත් කොරෝනා වෛරසය අයිති වෙන්නේ සතුන් තුල ඇතිවන වයිරස වර්ගයකට. සරලවම කියනවනම් මේ වයිරසය ඇති වුනේ සතෙකෙකුගෙන්. ඊට පස්සේ මේ වෛරසය මිනිසුන්ට බෝ වෙනවා. දැන් මේ වයිරසය මනුස්සයෙකුට ආසාදනය වෙලා ඉවරයි. ඊට පස්සේ මේ වයිරසය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්න පටන් ගන්නවා. කොරෝනා කියන්නේ අළුත් දෙයක් නෙවෙයි. මේ වයිරස් එක 2002 සිටම තිබුණා. මේ වයිරස් එක 2003 වෙනකම් ඉතාමත් දරුණු ලෙස පැතිරුණා. මිනිස්සු 8000කට විතර මේක ආසාදනය වුණා. ජීවිත 800ක් පමණ බිලිගත්තා. මේ වගේම තවත් වයිරසයක් 2012 දී මැදපෙරදිගින් වාර්තා වුණා. මේක වරින් වර මතුවෙලා 2500කට පමණ ආසාදනය වුණා. 900කට වැඩි පිරිසක් මියගියා. හැබැයි මේ වයිරස් දෙකටම වඩා COVD-19 භයානකයි. මොකද මේ වයිරස් එක ආසාදනය වෙලා කාලයක් යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. රෝග ලක්ෂණ කැස්ස මහන්සිය උගුරේ වේදනාව උණ හුස්මගැනීමේ අපහසුතා වයිරසය පැතිරීම මේ වයිරසය ජම්ප් කරන්නේ එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට බෝ කරන්න එලියට පැනගන්නේ ප්‍රධාන වශයෙන් කැස්ස හා කිවිසුම් මගින්. හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. මේ වයිරසයට පුලුවන් ශරීරයකින් (අවශ්‍යය සංඝටක) නැතුව එලි